Saturday

මගේ වෙබ් අඩවිය

වෙබ් අඩවියක් නිර්මාණය කරලම තමයි අනිත් දේවල් නම් ඉගෙන ගන්න වෙන්නෙ ඒ නිසා අපි දැන් පුංචි වෙබ් අඩවියක් නිර්මාණය කරමු. වෙබ් අඩවිය නිර්මාණය කරන්න දළ සැලැස්ම අදින තැන ඉදල වෙබ් අඩවිය HOST කරන තැනට යනකන් හැම දෙයක්ම පියවරෙන් පියවර අපි කතා කරමු.

ඔයාට මතක ඇති වෙබ් අඩවි නිර්මාණය කරන්න ගොඩක් මෘදුකාංග තියෙනවා. ඒ හැම එකක්ම අපි ඉගෙන ගමු. මුලින්ම අපිට HTML ටිකක් ඉගෙන ගන්නත් එක්ක Adobe Dreamweaver මෘදුකාංගයෙන් HTML භාවිතාකරල වෙබ් අඩවියක් නිර්මාණය කරන විදිය අපි දැන් බලමු. ඒත් එක්කම වෙබ් අඩවිට අලංකාරයක් අරගෙන එන්න ලස්සන පිංතූර ටිකක් එකතු කරන්න වෙනවා. ඒ නිසා පිංතූර ටිකක් සංස්කරණය කරන්න Adobe Photoshop මෘදුකාංගයත් ඔයාගෙ පරිගණකයට Install කරගන්න.

No comments:

Post a Comment