Saturday

වෙබ් අඩවියක් අපිට තියෙන්න ඕන ඇයි..?

තමන්ගෙම කියල වෙබ් අඩවි කරගෙන යන අයනම් ගොඩක් ඉන්නවා. එහෙනම් ඒ හැම කෙනාටම අපි කතාකරන්න යන වාසි ප්‍රයෝජන ලැඛෙනවා ඇති.

නැහැ. වෙබ් අඩවියක් පවත්වගෙන යන හැමෝම ඒ වාසි ප්‍රයෝජන ලබන්නේ නැහැ. ඒ සදහා නිකන්ම නිකං වෙබ් අඩවියක් නෙමෙයි ඵලදායි වෙබ් අඩවියක් තිබිය යුතුමයි. ඵලදායි වෙබ් අඩවියක් සාර්ථක වෙන එක අනිවාර්යයි.

අපි අන්තර්ජාලයේ සැරිසරනකොට අපිට වෙබ් අඩවි වර්ග කිහිපයක් හම්ඛෙනවා. ඒව තමයි.

වෙබ් අඩවියක විවුහය

දැන් අපි සමස්ථයක් වශයෙන් සෑම වෙබ් අඩවියකටම පොදු වෙන විදියට වෙබ් අඩවියේ විවුහය එහෙම නැත්නම් සැකිල්ල ගැන බලමු. වෙබ් අඩවියක් කොටස් විදියට ගත්තොත් අපිට පහත ආකාරයට ඛෙදාගන්න පුලුවන්

The Home Page - ප්‍රධාන පිටුව
වෙබ් අඩවියට ඇතුල්වීමට භාවිතා කරන දොර වගේම වෙබ් අඩවියේ මුල් සහ ප්‍රධාන වෙබ් පිටුව

The Main Sections - ප්‍රධාන කාණ්ඩ වෙබ් පිටු
වෙබ් අඩවියේ කොදු නාරටිය වැනි මෙම කොටස වෙබ් අඩවියේ සංචාරය කිරීමට (Navagation) බොහෝ වැදගත්

තව කියවන්න(Read more)

වෙබ් අඩවිය සැලසුම් කිරීමට පෙර

ඔයා දන්නව මොකක්ද Blog එකක් කියන්නේ කියලා. Blog එකක් ලියන්න නම් අපිට අන්තර්ජාලයට ඇතුල් වුන ගමන් පුලුවන්. ඒත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න නම් අපිට සාමාන්‍ය දැනුමක් ඕන. ඒ මොනවා ගැනද.... බයවෙන්න එපා හැමදේම පිලිවෙලකට කරගෙන යමු.

මුලින්ම වෙබ් අඩවි නිර්මාණය කරන්න භාවිතා වෙන පරිගණක භාෂාවක් අපිය ඉගෙනගන්න වෙනවා. මහ ලොකුවට ඕන නැහැ. සරලව ටික ටික පටන් ගමු. වෙබ් අඩවි නිර්මාණයට ප්‍රධාන වශයෙන් අපි HTML ඉගෙන ගන්න ඕන. පහතින් නියෙන්නෙ ඒ වගේ වෙබ් අඩවි නිර්මාණයේදි භාවිතා වෙන පරිගණක භාෂා කිහිපයක්. වැඩි දුර දැනගන්න Link එක උඩ Click කරන්න.

තව කියවන්න(Read more)

වෙබ් අඩවියක් ප්‍රචාරය කිරීම

අපි කලින් ලිපියක කතා කළා වෙබ් අඩවි වර්ග ගැන. අන්න ඒ එක එක වෙබ් අඩවි වර්ගය ගැන වෙබ් අඩවි නරඹන අය දැන ගන්නේ එක එක විදියට. ඒ නිසා අපේ වෙබ් අඩවියේ වර්ගය අනුව අපි තීරණය කරන්න ඕන කොහොමද ඒක ප්‍රචාරය කරන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද වෙබ් අඩවි මිනිසුන් අතරට යන්නේ කියලා.

Content site
බොහෝ තොරතුරු කියවන්න බලන්න වගේ තියෙන වෙබ් අඩවි තමයි මෙම වර්ගයට අයත් වෙන්නේ. සාමාන්‍යයෙන් Google, Yahoo වගේ Search Engine එකකින් තමයි මේ වගේ වෙබ් අඩවියකට කවුරුහරි එන්නේ. ඒ වගේම මේ වගේ වෙබ් අඩවියකට එන කෙනෙක් ගොඩාක් තොරතුරු නිවරදිව බලාපොරොත්තු වෙනවා. අනිත් දේ තමයි මුලින්ම ආව කෙනෙක්ට නැවත එන්න හිතේන විදියට අපි වෙබ් අඩවිය නිර්මාණය කරල තියෙන්න ඕන.

තව කියවන්න(Read more)

Domain Name එකක් ගැනීමට පෙර

අපි මෙතනදි කතා කරන්නේ ඹයා හදන වෙබ් අඩවියට සාර්ථකව හා නිවැරදිව කොහොමද Domain Name එකක් හදාගන්නෙ කියල. අකමැත්තෙන් වුණත් මට කියන්න වෙනවා අපි Domain name එකක් ගන්න නම් Domain Name සපයන ආයතනයකට මුදල් ගෙවල තමයි ගන්න වෙන්නේ. අපිට Domain Name එකක් ක්‍රම කිහිපයකට හදාගන්න පුලුවන්

www.exam.com - අකුරු විතරක් භාවිතා කරලා හදාගත්ත Domain Name (Alphabatic)
www.123.com - ඉලක්කම් විතරක් භාවිතා කරලා හදාගත්ත Domain Name (Numaric)
www. exam123.com - අකුරු සහ ඉලක්කම් භාවිතා කරලා හදාගත්ත Domain Name (Alphanumaric)
www.exam-pass.com - අකුරු අතරට අඩුකිරීම ලකූණ එකතු කර හදාගත් Domain Name
www.exam-123.com - අකුරු සහ ඉලක්කම් අතරට අඩුකිරීම ලකූණ එකතු කර හදාගත් Domain Name

තව කියවන්න(Read more)

Web hosting

තර්ජාලය කියන්නේ හරි පුදුම දෙයක්. අපි පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කරාම අපිට පුලුවන් වෙනවා අන්තර්ජාලයට සම්බන්ධ කරල තියෙන තවත් ඕනම පරිගණකයක් එක්ක සන්නිවේදනය කරන්න. ඔය රූපයේ තියෙනවා වගේ. අපිට පුලුවන් සිංදු චිත්‍රපටි වගේ දේවල් පවා හුවමාරු කරගන්න.

මම දැන් හදන්නේ Web Hosting කියන්නෙ මොකක්ද කියලා බොහොම පුංචි සරල අදහසක් ඔයාට දෙන්නඅපි වෙබ් අඩවියක් හැදුව කියමුකෝ. පස්සේ අපි ඒක හැමෝටම පේන්න අන්තර්ජාලයට දාන්න ඕන නේද. අන්න ඒ අපි හදපු වෙබ් අඩවියක් අන්තර්ජාලයට දානවට තමයි අපි වෙබ් අඩවියක් Host කරනවා තියල තියන්නේ

සාර්ථක Webmaster කෙනෙක් වීමටන

01.වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ තාක්ෂණය - භාවිතා කරන මෘදුකාංග (Software ), යොදාගන්නා පරිගණක භාෂා, Graphics හා Animation ආදිය, වෙබ් අඩවියේ සැලැස්ම ( layout )හා Buttons, Navigation යොදන ආකාරය.

02.වෙබ් අඩවියේ අදාල තොරතුරු නිවැරදිව සරලව කෙටියෙව් පැහැදිලිව හා නිර්මාණාත්මක ලෙස ඉදිරිපත්කළ යුතුයි.

03.තමන්ගේ අදහස් වලට විතරක් වෙබ් අඩවියේ කටයුතු කරන එකට වඩා, වෙබ් අඩවියට පැමිණෙන අයගේ අදහස් හා යෝජනා විමසීම ගොඩක් සාර්ථක වෙබ් අඩවියක් පවත්වගෙන යන්න හේතු වෙනවා.

04.සාමාන්‍ය කෙනෙක් සංගීත භාණ්ඩයක් වාදනය කරනවට වඩා පළපුරුදු කෙනෙක් වාදනය කරනකොට ලස්සනයි වගේ වෙබ් අඩවි නිර්මාණ කරනයේදිත් පළපුරුද්ද ගොඩාක් වැදගත්.

05.එකම දේවල් වලින් නැතුව විවිධ අංග වෙබ් අඩවියට ඇතුලත් කිරීම හා තමාගේ දැනුම හා හැකියාවත් වැදගත් දෙයක්

තව කියවන්න(Read more)

මගේ වෙබ් අඩවිය

වෙබ් අඩවියක් නිර්මාණය කරලම තමයි අනිත් දේවල් නම් ඉගෙන ගන්න වෙන්නෙ ඒ නිසා අපි දැන් පුංචි වෙබ් අඩවියක් නිර්මාණය කරමු. වෙබ් අඩවිය නිර්මාණය කරන්න දළ සැලැස්ම අදින තැන ඉදල වෙබ් අඩවිය HOST කරන තැනට යනකන් හැම දෙයක්ම පියවරෙන් පියවර අපි කතා කරමු.

ඔයාට මතක ඇති වෙබ් අඩවි නිර්මාණය කරන්න ගොඩක් මෘදුකාංග තියෙනවා. ඒ හැම එකක්ම අපි ඉගෙන ගමු. මුලින්ම අපිට HTML ටිකක් ඉගෙන ගන්නත් එක්ක Adobe Dreamweaver මෘදුකාංගයෙන් HTML භාවිතාකරල වෙබ් අඩවියක් නිර්මාණය කරන විදිය අපි දැන් බලමු. ඒත් එක්කම වෙබ් අඩවිට අලංකාරයක් අරගෙන එන්න ලස්සන පිංතූර ටිකක් එකතු කරන්න වෙනවා. ඒ නිසා පිංතූර ටිකක් සංස්කරණය කරන්න Adobe Photoshop මෘදුකාංගයත් ඔයාගෙ පරිගණකයට Install කරගන්න.